සිංහල ජාතිය ඉපදෙන්නත් කලින් දෙමළ ජාතිය මේ රටේ හිටියා – විග්නේශ්වරන්

උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා කරන ප්‍රකාශ බොහෝ විට මතභේදයට ලක්‌වේ. සමහරුන් නම් ප්‍රකාශ කරන්නේ දේශපාලන වාසි තකා ඉදිරි මැතිවරණ ගැන සිතා ඒ මහතා එම ප්‍රකාශ කරන බවය. එසේ වුවත් විග්නේශ්වරන් මහතා කළ මතභේදාත්මක ප්‍රකාශයන් පිළිබඳව ඒ මහතාගෙන් වැඩිදුරටත් විමසීමට අප අදහස්‌ කළෙමු. ඒ අනුව අප විග්නේෂ්වරන් මහතා වෙත යොමු කළ ප්‍රශ්නවලට ඒ මහතා අප වෙත යොමු කළ පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය – විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය යුද්ධය කාලයේ දෙමළ ජනතාව සතුටින් සිටිය බවත්, එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගෙන ආ යුතු බවට කළ ප්‍රකාශය දකුණේ ජනතාව හෙළා දුටුවත්, ඔබ එම කතාව අනුමත කරමින් අදහස්‌ දක්‌වා තිබුණා.

ඔබ එම කතාව අනුමත කරන්නේ කුමන පදනමක සිටද?

පිළිතුර – මා විසින් 2018.07.04 දින ප්‍රකාශ කරන ලද්දේ එදා පැවැති ආරක්‍ෂක තත්ත්වය සහ අද පවතින ආරක්‍ෂක තත්ත්වය සස¹ බැලීම සඳහා ඕනෑම අයකුට නිදහස තිබෙන බවයි. මා විසින් සඳහන් කරන ලද්දේ එදා පැවැති ආරක්‍ෂක සේවය පිළිබඳව ඉතා හොඳ අත්දැකීමක්‌ ලැබූ ජනතාව විසින් දැනට ඇත්තේ ඉතා දුර්වල ආරක්‍ෂක සේවාවක්‌ යෑයි පැවසුවහොත් එයට විරුද්ධව සිටිය නොහැකි බවයි. උදාහරණයක්‌ දක්‌වන්නේ නම් ස්‌වර්ණාභරණයෙන් සැරසුණු තරුණ ගැහැණු ළමයෙකුට කොටි පාලනය පැවැති සමයේ ඉර බැසීමෙන් පසුව වුවද මහා මාර්ගයේ ඇවිද ගොස්‌ තම නිවසට, කිසිවකුගේ හිරිහැරයක්‌ නොමැතිව නිදහසේ ගමන් කිරීමට නිදහස තිබුණා. හෙරොයින් ආදිය ගැන ඒ කාලයේ අසන්නට පවා ලැබුණේ නෑ.

දකුණු පළාතේ ජනතාව බිම් බෝම්බවලට හසුකිරීම යුද්ධයේ එක්‌ ක්‍රියාවලියක්‌ වුණා. එවැනි අති බිහිසුණු ක්‍රියා මෙම පළාත්වල ජනතාව වෙත එල්ල කර තිබුණා. යුධ අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට යන්නේ එවැනි කෲරතර ක්‍රියාවන් සඳහායි. යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව මේ ප්‍රදේශයේ සිදුවූ ක්‍රියා පිළිබඳව ඔබ දැනගන්නට ඇත්තේ සිංහල හෝ ඉංග්‍රීසි පුවත්පත් මගින් බව මා දන්නවා. මා ද ඒ පිළිබඳව දැනගත්තේ මේ ප්‍රදේශයට පැමිණීමට පෙර කියවන්නට ලැබුණු පුවත්පත් මගින්. නමුත් යුද සමයේ මේ ප්‍රදේශයේ ජනතාව අත්දුටු ෙ€දජනක ක්‍රියා, ඔවුන්ගේ හැඟීම් හා දොංකාරය පිළිබඳව මා දැනට ඉතා හොඳ අවබෝධයක්‌ ලබා තිබෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අක්‍රමවත් ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කිරීම හැරුණු විට මෙම ප්‍රදේශයේ පැවැතියේ ඉතාම සාමකාමි මෙන්ම ආරක්‍ෂිත පරිසරයකයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ද ළමුන්ගේ ද සුරක්‍ෂිතභාවය සලසා තිබුණා.

අවශ්‍ය නම් යුද්ධය පැවැති සමයේ මෙහි පැවැති සත්‍ය තත්ත්වය පිළිබඳව නිසැකවම දැනගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණ කොමිසමක්‌ සූදානම් කළ හැකියි.

ප්‍රශ්නය – එල්. ටී. ටී. ඊ. සංවිධානය, පාසල් ළමුන් පවා තම සංවිධානයට බඳවා ගැනීම සඳහා පැහැරගෙන ගියා, තමන්ට එරෙහි අය ඝාතනය කළා. එහෙම නම් ඒ කාලයේදී දෙමළ ජනතාව සතුටින් සිටියා කියන්නේ කොහොමද ?

පිළිතුර – යුද සමයේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ කිසියම් සිද්ධියක්‌ පිළිබඳව ඔබ පෞද්ගලිකව දන්නේ නැහැ. ඔබ දැනුවත්ව සිටින්නේ යුද සමය තුළ මෙන්ම යුද්ධයෙන් පසුව ද සිංහල, ඉංග්‍රීසි වෙබ් අඩවි පළ කළ ප්‍රවෘත්ති පමණයි. යුද සමයේ අපගේ ජනතාව සතුටින් සිටි බව කිසිම අවස්‌ථාවකදී ප්‍රකාශ කර නැහැ. මා දන්නේ මෙම ප්‍රදේශවල යුද සමයේ හා පසුව පැවැති තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත්ව සිටින්නේ සිංහල හා ඉංග්‍රීසී පුවත්පත්වල හෝ වෙබ් අඩවියේ පළ වූ තොරතුරු අනුවයි. යුද සමයේ අප ජනතාව සතුටින් ජීවත්වූ බව කිසිම අවස්‌ථාවකදී සඳහන් කර නැහැ. ජනතාවට ආරක්‍ෂාව තිබුණා. විජයකලා සඳහන් කළේ අද පවතින අසතුටුදායක ලෙස සිදුවන කටයුතු හා සැසඳීමේදී ඊට කලින් අප ජනයා භුක්‌ති විඳින ලද ආරක්‍ෂාව පිළිබඳවයි.

ප්‍රශ්නය – දෙමළ ජාතික සංධානය ඔබව උතුරේ මහ ඇමැති කළේ බොහෝ බලාපොරොත්තු ඇතිව. නමුත් මේ වනවිට ඔබ සහ එම පක්‍ෂයේ නායකත්වය අතර ප්‍රශ්න ඇතිවී ඇති බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳව ඔබට කියන්න තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර – ද්‍රවිඩ සන්ධානය හා මා අතර අරගල කිසිවක්‌ නැහැ. ඇත්තේ ප්‍රතිපත්ති පිළිබඳ වෙනස්‌කම් පමණයි. ස්‌ථ ර වශයෙන්ම සමහර අය තුළ පක්‍ෂයක නායකත්වය සමඟ ප්‍රතිපත්ති වෙනස්‌කම් තිබෙනවා. මට හැඟෙන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ක්‍රියාවක්‌ බවයි.

ප්‍රශ්නය – ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඔබ අලුත් සංධානයකින් උතුරේ මහ ඇමැති ධුරය සඳහා තරග කරන බව වාර්තා වෙනවා. එම වාර්තාවන්ගේ ඇත්තක්‌ තිබෙනවා ද?

පිළිතුරු – ඒ පිළිබඳව තවම තීරණයක්‌ ගෙන නැහැ.

ප්‍රශ්නය – දෙමළ ජාතික සංධානයෙන් මාවෙයි සේනාධිරාජා තරග කරන බව වාර්තා වෙනවා. ඔහු ඔබට තරගයක්‌ වේවි ද?

පිළිතුර – තර්ජනයක්‌ නොවෙයි.

ප්‍රශ්නය – ඔබ සහ දෙමළ ජාතික සංධානය අතර ඇතිවී තිබෙන ගැටුම සඳහා බලපා තිබෙන ප්‍රතිපත්තිමය කාරණා මෙනවාද?

පිළිතුර – මැතිවරණ ප්‍රකාශනයේ මහජනතාවට දී ඇති පොරොන්දුවලින් බැහැරව වෙනත් මඟක යන්නේ නම් අප නැවතත් ජන බලයක්‌ ලබා ගත යුතුයි. එසේ නොමැති නම් අප ජනතාවට දුන් පොරොන්දු ඉටුකළ යුතුයි. අප පොරොන්දු දුන් ජනතාවට නොව වෙනත් අයගේ හැඟීම්වලට සරිලන ලෙස නායකත්වය තම අදහස්‌ වෙනස්‌ කරයි. එය එපමණයි.

ප්‍රශ්නය – ඔබ පසුගිය මැයි මාසයේ ජනසංහාර සතියක්‌ සැමරීමට කටයුතු කළා. ඒ සඳහා බලපෑ හේතු මොනවාද?

පිළිතුර – 2009 මැයි 19 වැනිදා යුද්ධය අවසාන වූ දිනයයි. අහිංසක ලක්‍ෂයකට අධික ජනතාව ශ්‍රී ලංකා හමුදා විසින් ඉතා කෲර ලෙස ඝාතනය කොට තිබුණා. මුළු ලොවම එය දන්නවා. සැමරුම පැවැත්වීම එම මියගිය අය සැමරීම සඳහායි. ඔබගේ ප්‍රශ්නයෙන් පෙන්නුම් කරන්නේ දකුණේ ජනතාවට විකෘති තොරතුරු ලැබෙන බවයි.

ප්‍රශ්නය – එම සැමරුම සංවිධානය කර තිබුණෙ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන් මියගිය දිනය පදනම් කරගෙන. ඇයි එම දිනය පදනම් කර ගත්තේ?

පිළිතුර – කලින් මා සඳහන් කළ පරිදි යුද්ධය අවසාන වුණේ මැයි මස 18 වැනිදාය. බොහෝ දෙනෙකු කෲර අන්දමින් මරා දමා තිබුණා. ප්‍රභාකරන්වද එවැනි දිනයක මරා දමන්නට ඇති. අපි සමරන්නේ අපගේ ජනතාව ලක්‍ෂ ගණනින් ඝාතනය කළ දිනයයි. ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳව සහතිකයක්‌ රජය විසින් තවමත් නිකුත් කර නැහැ.

ප්‍රශ්නය – ප්‍රභාකරන්ගේ සටනට පදනම වී තිබුණේ උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය බවත්, එය නිදහස්‌ කරගත යුතුය යන කාරණා. ඔබත් එම අරමුණු පිළිගන්නවාද?

පිළිතුර – උතුර සහ නැගෙනහිර ස්‌ථිර වශයෙන්ම ශ්‍රී ලංකා ද්‍රවිඩයන්ගේ නිජ බිමයි. ඒ පිළිබඳ සැකයක්‌ තිබෙනවද?

ප්‍රශ්නය – බණ්‌ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමේ සිට ඇතිකර ගන්නා ලද සෑම එකඟතාවකට ම සිංහල ජනතාව එරෙහි වූයේ එම ගිවිසුම් මගින් උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජභූමිය බව නියමින් හෝ අනියමින් පිළිගැනීම නිසා. සිංහල ජනතාවගේ ස්‌ථාවරය වී තිබෙන්නේ උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජභූමිය බව පැවසීම මිථ්‍යාවක්‌ බවයි. ඔබට පුළුවන්ද දෙමළ නිජභූමියක්‌ තිබුණ බව ඔප්පු කරන්නට.

පිළිතුර – දෙසීයකට වැඩි නොවන බෞද්ධ භික්‍ෂුන් පිරිසක්‌ රොස්‌මිඩ් පෙදෙසට පා ගමනින් ගියේ බණ්‌ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධවයි. උතුර සහ නැගෙනහිර ශ්‍රී ලංකා ද්‍රවිඩයන්ගේ නිජබිම් බැවින් එය බණ්‌ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමෙන් සනාථ කිරීමේ අවශ්‍යතාවක්‌ නැහැ. සත්‍යය වූයේ එයයි. සත්‍ය වන්නේ ද එයයි. බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම තැත් කළේ සිංහල ආධිපත්‍යය තුළින් ද්‍රවිඩ ජනතාවට යම්කිසි තරමක උසස්‌ තත්ත්වයක්‌ ලබාදීමටයි. නමුත් උතුර සහ නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ නිජබිම් හෙවත් මාතෘ භූමි යන කරුණ 1987 ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම පවා පිළිගෙන තිබුණා.

ප්‍රශ්නය – කුමන සාධක මතද ඓතිහාසිකව දෙමළ නිජභූමියක්‌ තිබුණ බව ඔප්පු කරන්නේ.

පිළිතුර – සිංහල ජනතාව යනු සිංහල භාෂාව කථාකරන මිනිස්‌ ඒකකයක්‌. සිංහල භාෂාව ඇති වූයේ ක්‍රිස්‌තු වර්ෂ 06 දී හෝ 07 දී ක්‍රිස්‌තුස්‌තුමාගේ උත්පත්තියෙන් පසුවයි. එයට පෙර සිංහල ජාතියක්‌ තිබුණෙ නැහැ. පූර්ව බෞද්ධ සමයේ සිටම මෙම දිවයිනේ ජීවත්ව සිටියේ ද්‍රවිඩයන්. දැනට ජීවත්වන සිංහලයන් ද ද්‍රවිඩයන් බවට (DNA) රුධිර පරීක්‍ෂණ මගින් ඥාති සම්බන්ධතාවය හෙළිකර ගැනීමේ පරීක්‍ෂණ මගින් සනාථ වෙනවා. ශිලා ලේඛන, කාසි හා කැණීම් වලින් ද සිංහල ජාතිය උපත ලබන්නටත් බොහෝ කාලයකට පෙර ප්‍රධාන වශයෙන් උතුරේ සහ නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන් ජීවත් වූ බව සනාථ වෙනවා. විශ්වාසය තැබිය හැකි සිංහල හෝ ද්‍රවිඩ ඉතිහාසඥයන්ගෙන් ඓතිහාසික කරුණු පිළිබඳව සොයා බලන්න. ඔවුන් ඔබට සත්‍යය පවසනු ඇත.

ප්‍රශ්නය – යාල්පානම් වෛපවමාලේ නම් දෙමළ ඉතිහාස පොතේ සඳහන් වනවා අතීතයේදී උතුරේ ජීවත් වූයේ සිංහල බෞද්ධයන් බව.

ඒ පිළිබඳව ඔබට කියන්න තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර – ‘යාල්පානම වෛපවමාලෙයි’ ග්‍රන්ථය මේ නොබෝදා පළ වූ සංසංදනාත්මක ප්‍රකාශනයකි. එහි කතුවරයාගේ අභාවයෙන් පසුව ඉතිහාසඥයන් විසින් අති විශාල සංඛ්‍යාවක්‌ සාක්‍ෂි පොළොව යට තිබී හාරා සොයාගෙන ඇත. එයින් ප්‍රත්‍යක්‍ෂ වන්නේ මේ දිවයිනේ ආදි පදිංචිකරුවන් වන්නේ ද්‍රවිඩයන් බවය. මා හිතමිත්‍ර අභාවප්‍රාප්ත නීතිඥ එස්‌. එල්. ගුණසේකර විසින් ඉතිහාසඥයකු වූ ඉන්ද්‍රපාලන් විසින් 1965 වර්ෂයේදී කරන ලද ප්‍රකාශයට යොමු කොට ඇත. නමුත් ඉන් පසුව එම මහාචාර්ය ඉJද්‍රපාලන් විසින් 2004 හෝ 2005 වර්ෂයේදී ග්‍රන්ථයක්‌ ගෙන හැර පාමින් සඳහන් කළේ වත්මන් ඓතිහාසික අවබෝධය 1965 ඔහුගේ ඔප්පු කිරීමට අපේක්‍ෂා කරන කාරණයට වෙනස්‌ බවය. එය ලියන ලද්දේ එවකට පැවැති ඓතිහාසික සාක්‍ෂි නොමැතිවය.

ප්‍රශ්නය – ඔබ හමුදාවට යුද අපරාධ චෝදනා මත නඩු පැවරීමට, දඬුවම් කිරීමට යෝජනා කරන අතර බොහෝ අපරාධ කළ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටින බවටත් චෝදනාවක්‌ තිබෙනවා

ඒ චෝදනාව පිළිබඳ කියන්න තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර – ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් පැමිණවීමට කිසිවෙකුට අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ යුද සමයේ සහ පසුව දරුණු ලෙස මානව හිමිකම් කඩකළ අයට දඬුවම් පැමිණවීමයි. ඉතා දුෂ්ට පණතක්‌ වූ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ඉහතින් සඳහන් කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වරදකරුවන් බවට පත්වුණා. ඔවුන්ගේ පාපොච්චාරණ අනුව ඔවුන් සියලුදෙනාම පාහේ වරදකරුවන් බවට පත්වුණා. ඔවුන් සඳහා නිසි පරිදි අධිකරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වූයේ නැහැ. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉතා දුෂ්ට එකක්‌ බව පිළිගනු ලැබූ අතර එය ඉල්ලා අස්‌කර ගැනීමට රජය වගකීම භාරගෙන තිබෙනවා. ඒ අනුව බලද්දී ඔබට අසන්නට ලැබී ඇත්තේ වැරදි තොරතුරක්‌. හමුදා නිලධාරීන්ට නඩු පැවරීමට නියමිත අතර, ඔවුන් තවමත් හඳුනාගෙන නැහැ. ද්‍රවිඩ සිරකරුවන් බොහෝ දෙනෙකු ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රඳවාගෙන හෝ රක්‍ෂිත බන්ධනාගාරයේ තබා ඇති අතර තවමත් ඔවුන්ට විරුද්ධව නඩු පවරා නැහැ. මේ අතර ඔවුන්ට කෲර ලෙස හිරිහැර කරමින් අවසානයේ ඔවුන් වැරදිකරුවන් කරනු ඇත. ඇත්ත වශයෙන්ම එහි වෙනසක්‌ තිබෙනවා.

ප්‍රශ්නය – ඔබ සිංහල ජනතාව අතර ජීවත්වෙමින් ඉගෙන ගෙන, රැකියාවක්‌ කර විශ්‍රාම ගිය පසු උතුරට ගිහින් බෙදුම්වාදී දේශපාලනයක නිරත වන බවටත් චෝදනාවක්‌ තිබෙනවා.

ඒ චෝදනාව පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ ද?

පිළිතුර – මා ඉපදුණේ, හැදුණේ වැඩුණේ සහ අධ්‍යාපනය ලැබුවේ කොළඹයි. මාගේ මිත්‍රයන්ගෙන් බොහෝ දෙනෙක්‌ සිංහලයන්. විරෝධතා මධ්‍යයේ මා දේශපාලනයට අවතීර්ණ වූයේ නඩු මඟට පිවිසි අයෙකු වෙත ඔහුගේ අද්වකාත් රැකවරණය සලසන්නාක්‌ වගෙයි. ද්‍රවිඩයන්ට සිංහල ජනතාව විසින් සෑහෙන තරම් හිරිහැරි කොට ඇති. ද්‍රවිඩයන් ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් කොට තිබෙනවා. උතුරේ සහ නැගෙනහිර සිදුවන්නේ කුමක්‌ දැයි යම් කිසිවෙකු අසන්නේනම් මේ ඒ සඳහා හොඳම වේලාවයි.

නඩුව භාරගත් විට මාගේ සේවාදායකයාගේ ප්‍රශ්නය අවබෝධ වෙනවා. මා හැකි තරම් උත්සාහ කරන්නේ මාගේ ජනතාවට සැනසීමක්‌ ලබාදීමටයි. එයින් මා සිංහල ජනතාවට විරුද්ධ යෑයි අදහස්‌ කරන්නේ නෑ. මාගේ සිංහල සහෝදරවරුන්ට විරුද්ධව ද්‍රවිඩ ජාතිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මා කථා කරන්නේ කොහොමද? මක්‌නිසාද යත් මා සත්‍යය ගැන කථා කරන විට ඔබ අතරින් යම් අයට හිත් වේදනා ඇති විය හැකි නිසයි. දෙවියන් වහන්සේ විසින් මවන ලද සිංහල ද්‍රවිඩ, මුස්‌ලිම් ආදී සියලුම මනුෂ්‍ය සංහතියට ම මා ආදරය කරනවා. ඔබ දන්නා පරිදි මා විශ්වාස කරන්නේ 1965 සිට ක්‍රියාත්මක වූ 1971 වර්ෂයේ නීතිගත කරන ලද ආගමික සම්මේලනයේ දැනට ජීවත්ව සිටින සාමාජිකයා මා බවයි. මේ බව මා සඳහන් කරන්නේ මා තවමත් තරුණ නීතිඥයකු නොවුවද, මනුෂ්‍ය සංහතියට හා ඔවුන්ගේ ආගම්වලට ද මා දක්‌වන ප්‍රසාදය පෙන්නුම් කිරීම සඳහායි.

ඔබ මා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්න අනුව පෙනී යන්නේ දේශපාලනය මා රැකියාවක්‌ බවට පත්කර ගෙන ඇති බවය. එවැනි රැකියාවක්‌ නොමැතිව මාගේ කටයුතු ඉටුකර ගැනීමට තවමත් හැකියාව ඇත.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
එස්‌. කේ. ඡේ. කුරේරා

Divaina

The post සිංහල ජාතිය ඉපදෙන්නත් කලින් දෙමළ ජාතිය මේ රටේ හිටියා – විග්නේශ්වරන් appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico