සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (13) පැවැසීය.

‘‘රට සුරකින ජන පවුර‘‘ සංවිධානයේ මෙහෙයවීමෙන් ඇරඹෙන මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ රට පුරා පෝස්ටර් ප්‍රදර්ශනයක් හා කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට පත්‍රිකා බෙදා හැරීමක් ඇතුළත් වන බවද උන්වහන්සේ කීහ.

‘‘රට සුරකින ජන පවුර‘‘ බහුජන සංවිධාන රැසකින් සමන්විත වූවකි.මේ වැඩපිළිවෙළ අදාළ සංදේශයකට තමන් වහන්සේද අත්සන් කළ බව රතන හිමයෝ කීහ.

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රටපුරා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.

The post සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico