සැකය සැක හැර දුරු කර ගත යුතුයි – මනෝ ගනේෂන් #SriLanka #LKA

සැකය සැක හැර දුරු කර ගත යුතුයි -  මනෝ ගනේෂන්

පසුගිය දින වල සිදුවීම් නිසා ජාත්‍යන්තරය තුළද ශ්‍රී ලංකාව විහිළුවක් බවට පත්ව ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව වැනි රට වලට එරෙහි වන ජාත්‍යන්තර ප්‍රජාවද පිරිසිදු නොවන නමුත් ඔවුන්ගේ බලපෑම් පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි ඔහු සඳහන් කළේ. සිරියාව, ලිබියාව හා මැද පෙරදිග රටවල් දෙස බැලු විට ජාත්‍යන්තරයද අපරාධ කර ඇති බව සහතික වුවද අපේ නඩු ඇසීමට පවා ඔවුන් පෙරමුණට පැමිණ ඇති තත්ත්වය තේරුම් ගත යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ප්‍රශ්න විසඳා ගැනීමට නම් සිංහල ,දෙමළ, මුස්ලිම් ලෙස නොව ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා ක්‍රියා කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico