ස්වාධින රුපවාහිණියේ වත්මන් පාලකයනි නුඹලාට ලැජ්ජාවක් නැද්ද …!!!

ටෙලි අධ්‍යක්‍ෂ වරුන්ගේ සංසදයේ සභාපති මා හිත මිත්‍ර සුනිල් කොස්තා ස්වාධින රුපවාහිණියේ පැවති උත්සවයක් ගැන තොරතුරක් මා වෙත එවා තිබුනේ මෙසේය ..!!!
දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් මංගල – ලසන්ත පෙරළිකාර වැඩක !
ITN වෙතින් ටෙලිනාට්‍ය ශිල්පීන්ට ලක්ෂ 340 ක් !!
කලාකරුවන් වෙනුවෙන් මනෝ තුති පුදයි !!!
ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වුණා. රුපියල් ලක්ෂ තුන්සිය හතලිහක් පළමු පියවර යටතේ ලබාදෙන්නට ITN පියවර ගත්තා. මේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ උපදෙස් අනුවයි. දේශීය කලා ශිල්පීන් රැසක්ම ඔවුන්ට හිමි ගෙවීම් ලබා ගත්තා.

ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එම උත්සවයේදී කියා සිටියා. ඒ සදහා විශේෂ ආයතනයක් පිහිටුවා මෙම වසර තුළදීම අදාළ කාර්ය ආරම්භ කරන බව ITN මාධ්‍ය ජාලයේ පැවති උත්සව සභාව අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
වික්‍රමසිංහපුර ITN පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ITN සිහිවටන මැදුර සහ අමුත්තන්ගේ පියස ඉදිකිරිමේ ආරම්භය සනිටුහන් කිරීම සිදුකළා. මෙරට රූපවාහිනී ඉතිහාසයේ පළමු නාලිකාව වන ITN හි සිහිවටන පිළිබඳ සියලු තොරතුරු මෙම පියස හරහා ලබා ගැනීමේ අවස්ථාව ඉදිරියේදී උදාවනවා.
ITN සභාපතිනි තිලකා ජයසුන්දර, ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න ඇතුළු විශාල පිරිසක් එම උත්සව අවස්ථාවට සහභාගී වුනා….
ඉහත එම පුවත ගැන එහි පැරණිම අයෙකු ලෙසින් මා හට කීමට ඇති දෙයක් ඇත .කරුණාකර රටේ ජනතාවට විහිළු නොකරන්න …!!! මොන පෙරළිකාර විහිළු වැඩ කළත් රටට ගොන්පාර්ට් පෙන් වීමට මත්තෙන් තිබෙන ඉතිහාසය රැක ගන්න.රූපවාහිනී මාධ්‍යය නොහදුනන ,ඊට ආදරයක් නොමැති උන් දේශපාලුවන් විසින් මේ ආයතනයට පත්කිරීම ඉතා කණගාටුදායකය .ස්වාධින රුපවාහිණියේ ඉතිහාසය ගබඩා වී ඇත්තේ මේ නිහඩ වීඩියෝ පට වල මිසක් ආයතනයේ ගොඩනැගිලි ,සේවකයන් අතර නොවේ …!!!

මුළු
ස්වාධින රුපවාහිණියේ ඉතිහාසය එදා අප කල නිර්මාණ වල ඇතුලත්ව අද ඒ වීඩියෝ කැසට් පට අහු මුල්ලක දමා විනාශ වීමට ඉඩ හැර තිබේ …නිර්ලජ්ජිත හිස් මිනිසුන් වායු සමීකරණ කාමර වල සිටිද්දී ඒ වීඩියෝ කැසට් පට පුස් බැඳී ,විනාශව යමින් පවතී .කරුණාකර ඒවා සුරක්‍ෂිත කිරීමට පියවර ගන්න .ඒවා මේ රටේ අනාගත ජනතාවට සහ රටේ අබිමනට එක් කරන්න, ආරක්ෂා කරන්න…!!! ඒ තුල ගබඩා වී ඇත්තේ අපේ දහස් ගණන් මිය ගිය කලාකරුවන් සහ රටේ සිටි ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ ජිව දත්තයි,
දේශපාලන පත්වීම් ලබා ගත් ස්වාධින රුපවාහිණියේ පාලකයන් කලින් කලට වෙනස් වෙති .නමුත් 1979 ආරම්භ කළ ස්වාධින රුපවාහිණියේ ඉතිහාසය එකිනෙකාට ඕනෑ ඕනෑ අන්දමට විනාශ කිරීමට ඉඩ තැබිය නොහැක. මුන් මේ විනාශ කරන්නේ ලංකාවේ ප්‍රථම රුපවාහිනී සේවයේ ඉතිහාසයයි ,අභිමානයයි ….!!! ස්වාධින රුපවාහිණියේ ඉතිහාසය ඒ වෙනුවෙන් කැප වී වැඩ කල සියල්ලන් සතුය .
මා මේ ගැන දිගින් දිගටම කරුණු කියා ඇතත් එහි තත්වය තාම එසේය ,බලන්න අද ඒ ස්වාධින රුපවාහිණියේ ඉතිහාසය ඇතුලත් ජීවමාන සාක්ෂි ,මිල කල නොහැකි දත්ත වායු සමීකරණ නොමැති කාමරයක ගොඩ ගසා විනාශ වීමට ඉඩ තබා තිබෙන අයුරු .අඩුම තරමේ වීඩියෝ පටි ගබඩා කරන අන්දමවත් නොදන්නා ගොන් තඩියන් දැන් ආයතනයේ සිටින බවට හොදම උදාහරණයකි මේ වීඩියෝ පටි ගොඩ ගසා ඇති අයුරු ,වීඩියෝ පටි ගබඩා කරනුයේ සිරස් අතටය .නිර්ලජ්ජිත හිස් මිනිසුන් මෙසේ ඉතිහාසය විනාශ කරමින් යද්දී මොන සිහිවටන සමරු පියස් ද ඒවා ගොන්පාර්ට්ය. දැනට සිටින පාලක පිරිස දේශපාලුවන් සහ රටේ ජනතාව නොමග යැවීමට උත්සහ දරති.නමුත් සැබෑ තත්වය මෙසේය,ඉතිහාසය ඇත්තේ ගොඩනැගිලි සාදා විවෘත කිරීම මත නොවේ,මුන් මේ කරන්නේ නියම ඉතිහාසය විනාශ වීමට පැත්තකට දමා ආයතනයේ මුදල් වලින් පිස්සු කෙළීම පමණී…!!! සිහිවටන සමරු පියස් සාදවා නාස්ති කරන මුදල් යොදවා මෙම වීඩියෝ පට එක්කෝ ආරක්ෂා කල යුතුය නැත්නම් ඒ තුල ඇති දත්ත ඩිජිටල් දත්ත බවට පත් කොට මේ වීඩියෝ පටත් එම දත්තත් සුරක්ෂිත කල යුතුය .

සුමිත් ජයන්ත ඩයස්
ස්වාධින රුපවාහිණියේ වත්මන් පාලකයනි නුඹලාට ලැජ්ජාවක් නැද්ද …!!!

 

 

අඩුම තරමේ වීඩියෝ පටි ගබඩා කරන අන්දමවත් නොදන්නා ගොන් තඩියන් දැන් ආයතනයේ සිටින බවට හොදම උදාහරණයකි මේ වීඩියෝ පටි ගොඩ ගසා ඇති අයුරු ,වීඩියෝ පටි ගබඩා කරනුයේ සිරස් අතටය

lankanews.org

The post ස්වාධින රුපවාහිණියේ වත්මන් පාලකයනි නුඹලාට ලැජ්ජාවක් නැද්ද …!!! appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico