”සරත් ලංකාවේ නෑ..එක නිසා තාවකාලිකව රනිල්ට පට්ටම දුන්නේ”-රංජාගේ කටින් බළලා එලියට

අද පැවති පාර්ලිමේන්තු අමාත්‍ය සංශෝධනය ට ලැබෙන ජනතා ප්‍රතිචාරය බලා ලබන සතියේදි නැවතත් කැබින්ට් සංශෝධනයක් සිදු විය හැකි බවත් එහිදි නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට හිමි විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද (25) උදෑසන පැවති කැබිනට් සංශෝධනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
” අගමැතිතුමා නිතිය හා සාමය අරගෙන මම හිතන්නේ සරත් ෆොන්සේකා මහත්තයා තාම ඉන්නේ විදේශයක. අපි සියළු දෙනාගේම කැමැත්ත ඒක. මම පළවෙනි දවසේදි ලියුමකුත් අත්සන් කරන්න ගියා. කැමැත්ත පෙන්නන්න. එතකොට සජිත් ප්‍රේමදාස ඇමතිතුමයි, රාජිත ඇමතිතුමයි කිව්වා ලියුම් අත්සන් කරන්න එපා. ප්‍රෙෂර් එක දෙන්න එපා. කට්ටියම අත්සන් කරන්න හිතාගෙන හිටියේ. අපේ ඇමතිවරු බොහෝමයක්. එන සුමානේ ආයෙත් වෙනස් වෙනවා කිව්වා. අජිත් පී පෙරේරා මැතිතුමා පොඩ්ඩක් සතුටු නැති බව පෙනුණා. මම දන්නේ නෑ. එතුමාගෙන් ඇහුවේ නැද්ද ඔයගොල්ලෝ මෙතනින් ගියානේ.”
ගොඩක් තරහින් ගියේ”
ජනතාව ගොනාට අන්දා වරින් වර සිදු කරන පාර්ලිමේන්තු සංශෝධන මගින් ජනපති හා අගමැති එක්ව රට දිනෙන් දින අස්ථාවර කොට මුළු රටම අවුල් ජාලාවක් බවට පත්කොට හමාරය .

The post ”සරත් ලංකාවේ නෑ..එක නිසා තාවකාලිකව රනිල්ට පට්ටම දුන්නේ”-රංජාගේ කටින් බළලා එලියට appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico