සයිටම් උපකුලපති සමරසේකර ගැන වෛද්‍ය සභාවේ විමර්ශන ප්‍රමාද ඇයි..!

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමේ පළමු මරණ පරීක්ෂණය සිදු කළ එවකය ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ලෙස කටයුතු කළ ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව කරගෙන යන විමර්ශණය පමා වීම පිළිබඳ සොයා බලා නොවැම්බර් 30 වැනි දාට පෙර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඊයේ (19) වෛද්‍ය සභාවට නියෝග කර තිබේ.

 

ආනන්ද සමරසේකර මහතා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරන අතර වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සයිටම් ආයතනය වෙත රැගෙන ගොස් ඇති බවට ලැබුනු සාක්ෂි අනුව එම ආයතනයේ තිබී සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් ඩිඑන්ඒ පරික්ෂණයක් කිරිමටද පැමිණිල්ල කළ ඉල්ලිමට අද අධිකරණය අවසර ලබා දී ඇත.

 

The post සයිටම් උපකුලපති සමරසේකර ගැන වෛද්‍ය සභාවේ විමර්ශන ප්‍රමාද ඇයි..! appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico