සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳ නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපයේදී #SriLanka #LKA

සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳ නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපයේදී

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) ජපානයේ ටෝකියෝ නුවර පැවති ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හමුවක් අමතමිනි.

ජංගම දුරකථනය, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය ජාල නිර්මාණය වුණේ මානව සමාජයේ යහපත සඳහා බවත් එයින් ලෝකයක දැනුම තමන්ට අත් කර ගත හැකි වුවද අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිතා කරන්නේ රට විනාශ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහෙයින් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා රජය මෙන් ම සියලු පුරවැසියන් ද තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

RN





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico