සමාජ ජාල තුළ ජනප්‍රියතම දේශපාලඥයා ඇමති සුජීව

සමාජ ජාල තුළ ජනප්‍රියතම දේශපාලඥයා ඇමති සුජීව

ජාතික තරුණ සංවර්ධන සංසදය විසින් සංවිධානය කල 2016 වසරේ ජනප්‍රියතම සමාජ ජාල මුහුණු පොත තරඟාවලියෙන් ජනප්‍රියතම දේශපාලකයාට හිමි සම්මානය රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා දිනාගෙන තිබේ.

ඉසව් 18ක් සඳහා පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා අන්තර්ජාලය තුළින් සමාජ ජාල හරහා ඡන්දය ලබා දීමට හැකි විය. එක් ගිණුමකින් එක් ඡන්දයක් පමණක් ලබා දීමට හැකියාව තිබූ මෙම තරඟාවලිය සඳහා අවසාන වටයට ජනප්‍රියතම දේශපාලකයන් අතරට පාඨලී චම්පික, රන්ජන් රාමනායක, රවී කරුණානායක, ප්‍රසන්න සෝලංග ආරච්චි, උදය ගම්මන්පිල, හරීන් ප්‍රනාන්දු යන අයද තේරී පත් විය. 

අවසානයේදී  2016 වසරේ ජනප්‍රියතම දේශපාලඥයා ලෙස රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා තේරී පත්විය. එම සම්මානය ජාතික තරුණ සේවා සංවර්ධන සංසදයේ සභාපති මොහාන් පෙරේරා මහතා විසින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට පිළිගන්වන ලදි.

Source From Business AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico