ශිත උදෑසන සහ රාත්‍රිය ගැන කාලගුණ නිවේදනයක්

මේ දිනවල පවතින වියළි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
විශේෂයෙන් උතුරු පළාතේ මෙම තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි සඳහන් වේ.
දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයන් සමග ‘ශීත’ උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බවයි ඒ අනුව වැඩි දුරටත් වාර්තා වී ඇත.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල පෙරවරු කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකි බවද නිවේදනය මගින් වාර්තා කර ඇත.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද සඳහන් කෙරේ.

The post ශිත උදෑසන සහ රාත්‍රිය ගැන කාලගුණ නිවේදනයක් appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico