ශ්‍රී ලංකව සතු මහා ධන උල්පතක් ඉන්දියාවට පවරා දීමට කැබිනට් අනුමැතිය…

ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීම සඳහා වත්මන් ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගෙන තිබේ.

2018.08.07 දින කැබිනට් අනුමැතිය සහිතව ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ ටැංකි අංගනයේ ටැංකි 86 ඉන්දීය – ශ්‍රී ලංකා හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යෑමටත්, ඉන් 16ක් ඉන්දීය ඔයිල් සමාගමට (IOC) ලබාදීමට එකඟ වී තිබේ. පහළ අංගනයේ තෙල් ටැංකි 15ක් සම්පූර්ණයෙන් ඉන්දීය IOC සමාගමට ලබාදීමටත් සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.

මේ පිළිබඳව විරෝධය පළකරමින් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා විෂයභාර ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

The post ශ්‍රී ලංකව සතු මහා ධන උල්පතක් ඉන්දියාවට පවරා දීමට කැබිනට් අනුමැතිය… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico