ශ්‍රීලනිපය මල් වට්ටියේ තබා එජාපයට පූජා කිරීමට දුමින්දගේ සැලසුමක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පක්ෂය මල් වට්ටියකට දමා එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට දරන උත්සාහය පරාජය කොට, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ඇතුළු කණ්ඩායම 16 දෙනා සමග එකතු විය යුතු බවද ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ 16 දෙනාගේ කණ්ඩායමේ සියලුම දෙනා නායකයන් වුවද, ජ්‍යෙෂ්ඨතමයන් ලෙස ජෝන් සෙනෙවිරත්න සහ එස්.බී.දිසානායක යන මහත්වරුන් සම නායකයන් ලෙස කටයුතු කරන බවයි.

The post ශ්‍රීලනිපය මල් වට්ටියේ තබා එජාපයට පූජා කිරීමට දුමින්දගේ සැලසුමක්… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico