‘ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුරුන් වූවත් ඒය බාධාවක් නොවේ’

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡාවලට බාධාවක් නොවන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සාකච්ඡා සම්බන්ධයෙන් පක්‍ෂ දෙකම තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැති බැවින් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

“ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැයි කිව්වා නම් ඒ පක්‍ෂය එතනින්ම ඉවරයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ කළේ කළ යුතුව තිබූ කාර්යයක්. මම හිටියනම් මමත් මේ උපදෙස්ම දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙම තීරණය පොහොට්ටුව සමඟ පවත්වන සාකච්ඡාවලට බාධාවක් නෙමෙයි. ඒ සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තුවනවා. නැවත එක්සත් ජාතික පක්‍ෂයේ කොළපාට සෙවණැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැටෙන්න ජනාධිපතිතුමා ඉඩ නොතබන බව විශ්වාසයි” යැයිද වික්‍ෂනායකවරයා කීය.

The post ‘ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුරුන් වූවත් ඒය බාධාවක් නොවේ’ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico