වීරවංශ මිලියන 75 කට අධික ධනයක් අයථා ලෙස උපයලා – අල්ලස් කොමිසමෙන් නඩු පවරයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ අයථා ලෙස ධනය රැස්කිරීම සම්බන්දයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ අද(11) අධි චෝදනා භාර දෙනු ලැබුවා.ඒ, අමාත්‍යවරයෙකු ලෙස ඔහු කටයුතු කළ සමයේ සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ යි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරනු ලැබු අතර අද(11) එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම අධිචෝදනා භාර දෙනු ලැබුවා. රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හළ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් නඩු විභාගයට පෙබරවාරි 19 වන දා යළි  කැඳවීමට ද නියෝග කළා.

The post වීරවංශ මිලියන 75 කට අධික ධනයක් අයථා ලෙස උපයලා – අල්ලස් කොමිසමෙන් නඩු පවරයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico