වීරවංශගේ ලක්ෂ 750 නඩුවේ බැංකු ගිණුම් වල නිරවද්‍යතාව පිරික්සයි

රුපියල් ලක්ෂ 750කට ආසන්න මුදල් සහ වත්කම් අයථා ලෙස උපයා ගෙන ඇති බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අද (14) අධිකරණය අවසර ලබාදුන්නේය. ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් අනුව අදාළ අවසරය ලබාදුන් දුන් විනිසුරුවරයා නඩුව මාර්තු 27 වනදා තෙක් කල් තැබීය.

2010 වසරේ ජනවාරි 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා යන ආකාරයට රුපියල් ලක්ෂ 750කට ආසන්න මුදල් සහ වත්කම් නීතිවිරෝධී අයුරින් උපයාගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුව ගොනුකර තිබේ.

The post වීරවංශගේ ලක්ෂ 750 නඩුවේ බැංකු ගිණුම් වල නිරවද්‍යතාව පිරික්සයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico