වීමල්ගෙ මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සහ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සබඳතා එළියට..!

විමල් වීරවංශගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට සහභාගී වීම මේ වනවිට සමාජය තුල කතාබහට ලක්ව තිබේ. නිරෝෂන් ප්‍රේමරත්න යනු එකවර මහා ධන නිධානයක් හිසමත කඩා වැටුනු පුද්ගලයෙකි. මුදල් නොමැති බව නිසා සාමාන්‍ය කාර් රථයකින් ගමන් බිමන් ගිය ඔහු එකවරම තලවතුගොඩ – හෝකන්දර පාරේ ඉඩමක් මිලදී ගෙන TRENDY නමින් සුවිසල් සුපිරි වෙළඳ සැලක් ආරම්භ කලේය. මේසා මුදලක් වියදම් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නට හැකියාවක් ලැබුනේ කෙසේදැයි සැකයක් පවතී.

රුපියල් කෝටි 8 කට ආසන්න වියදමක් දරමින් විවෘතකල සුපිරි වෙලඳසැල හට මුදල් වියදම් කර ඇත්තේ මාකඳුරේ මධුෂ්ය යැයි මේ වනවිට සැකයක් පවතී. ඒ දේශපාලන රැකවරණ සන්තෝසමක් වශයෙන්ද යන්න සැකයට තුඩුදෙන කාරණයකි. දේශපාලන අධිකාරියේ සිටින ඔහුගේ හෙංචයියා නිරෝෂන් ප්‍රේමරත්නද යන්න සැකයක් පවතී.

නිරෝෂන් ප්‍රේමරත්න මධුෂ් නමගිය පාතාල අපරාධකරුවෙකු බව දැන දැන එම මලගෙදර සඳහා සහභාගී වීම ප්‍රදේශයේ ජනතාවටද ඉමහත් කුකුසක් උපදවන පුවතක් වී ඇත. නිරෝෂන් ප්‍රේමරත්න නැමති පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ ප්‍රචාරණ ආයතනය හා වෙබ් පිටුද අක්‍රිය තත්වයේ පවතින බැවින් මෙම මුදල් උපයාගැනීම පිළිබඳව තව තවත් විමර්ශණය කල යුතු අතර, විවිධ ඝාතන සැලසුම් පිළිබඳව මේ දිනවල පැතිර යන පුවත් සමග නිරෝෂන් ප්‍රේමරත්න හා මාකඳුරේ මදුෂ් අතර පවතින ගනුදෙනුව සම්බන්දයක් ඇති බවට රාවයක් පවතී.

කෙසේ නමුත් මීට ඉහතදීද මාකඳුරේ මධුෂ් විසින් ලංකාව තුල සිදුකල කප්පම් ගැනීම් හා පුද්ගල ඝාතන සිද්ධි සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ දේශපාලන රැකවරණ සැපයූවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම සිටින පුද්ගලයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මේවනවිට තහවුරුවී ඇත.

The post වීමල්ගෙ මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සහ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සබඳතා එළියට..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico