විශේෂ මහාධිකරණ නිසා ගෝඨා , නාමල් , විමල් නොසන්සුන් – ආණ්ඩුවේ ප්‍රබලයින් සමග රහස් කතා..!

කඩිනමින් නඩු අසා දඬුවම් දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණ සක්‍රීය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය පාර්ශවය දැඩි  නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තා වෙයි. ඒ අදාළ විශේෂ අධිකරණයේ පළමු නඩුව ගෝඨාභයට එරෙහිව විභාගවීමට නියමිත බවට ලැබී ඇති ආරංචියක් නිසාය.

ඒ හේතුව නිසාම මේ වන විට ගෝඨාභය රාජපක්ෂ වෙත චෝදනා ඉදිරිපත්වී ඇති සිදුවීම් ගණනාවක නඩු ලිපිගොනු විශේෂ නීතීඥ කණ්ඩායමක් වෙත යොමුකර විශේෂ නීති උපදෙස් ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මීට අමතරව විමල් වීරවංශ , මහින්දානන්ද අලුත්ගමගේ , නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ වැනි අයද මෙම විශේෂ අධිකරණ පිහිටුවීම සම්බන්දව දැඩි තැතිගැන්මකට පත්වී ඇති බව ඔවුන්ගේ හැසිරීම අනුව පෙනී යයි. මේ වනවිට ආණ්ඩුවේ ප්‍රබලයින් හමුවෙමින් හා දුරකථනය ඔස්සේ ඔවුන් අමතමින් විවිධ අන්දමේ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තාවේ. විශේෂයෙන්ම තම තමන්ට අදාල නඩු මෙම අධිකරණයට යොමුවීම වලක්වා ගැනීම සදහා ඔවුන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව මේ අනුව පෙනී යයි.

එසේම මෙම විශේෂ මහාධිකරණ සම්බන්ධව ජනතාව වෙත අප්‍රසාදයක් ඇති වන ආකාරයට පුවත් නිර්මාණය කිරීමටත් එහිදී දුෂණ අක්‍රමිකතා සහ  අපරාධ වලට සම්බන්ධව විස්තර දැක්වීම් වෙනුවට  රාජපක්ෂලාට එරෙහි දේශපාලන පළිගැනීම් ලෙස වාර්තා කරන ලෙසට උපදෙස් දී ඇති බවද දැනගන්නට ඇත. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නඩු විභාගවන අවස්ථා වලදී අධිකරණය අසලට ආබාධිත හමුදා සාමාජිකයන් කැඳවා මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට සූදානමක් පවතින බවද දැනගන්නට ඇත.

The post විශේෂ මහාධිකරණ නිසා ගෝඨා , නාමල් , විමල් නොසන්සුන් – ආණ්ඩුවේ ප්‍රබලයින් සමග රහස් කතා..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico