විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ

විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ජිනිවාහි දී ඇරඹි සති 3 ක සැසියක් අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් කියා සිටියේ, ඔවුන් නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.

විවිධ රටවලට අයත් පුද්ගලයින් ඒ අතර සිටින බැවින් ඔවුන් පිළිබඳ වගකීම අදාළ රාජ්‍යයන් විසින් භාර ගත යුතු බව ද ඇය එහිදී අවධාරණය කළා.

The post විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico