වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදර දක්වා පමණක් ඉදිකරන බවත්, එතැන් සිට මහනුවර දක්වා මංතීරු  හතරක මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ(11දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.

මධ්‍යම අධිවේදී මාර්ගයේ ගලගෙදර සිට මහනුවර දක්වා ඉදිකිරීමේදී උමං මාර්ග හරහා ඉදිකිරීමට සිදුවන අතර ඒ සඳහා අධික වියදමක් වැය වන බැවින් රජය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේසම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබාදීමට එකඟ වූ බවද පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා,

“කඩවත සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවානම් උමං මාර්ග මතින් මාර්ගය ගෙනියන්න වෙන්නේ. එහෙම වුණොත් වඩා වැඩි මුදලක් වැයවෙනවා.ඒනිසා ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා” යැයි පැවසීය.

The post වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico