“වියත්මඟ” ඇරඹි ගෝඨාභයගේ 2020 ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම…(වීඩියෝ)

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතීත්වය දරණ “වියත්මඟ” – විද්වත් වෘත්තිකයින්ගේ එකමුතුවේ වාර්ශික මහා සම්මේලනය ඊයේ (13) කොළඹ, ගාලු මුවදොර ෂැන්ග්‍රීලා හෝටලයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.ජාතික ආර්‍ථික සංවර්ධනය, රාජ්‍ය ආරක්ෂාව, ව්‍යාපාර නව්‍යකරණය, ඩිජිටල්කරණය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ යන මාතෘකා රැසක් යටතේ එහිදී විද්වතුන් කිහිප දෙනෙකු සිය අදහස් පළ කලා.මෙම සම්මේලනයේදී “ශ්‍රී ලංකාව සඳහා ප්‍රායෝගික දැක්මක අවශ්‍යතාවය” යන මාතෘකාව යටතේ දේශනයක් සිදුකල ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් ආයෝජන පමා කෙරෙන අකාර්‍යක්ෂම නීති ඉවත් කරමින් ක්‍රමවත් සැලසුමකට අනුව කටයුතු කල යුතු බව ප්‍රකාශ කලා.වියත්මඟ සංවිධානය 2020 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධානතම සංවිධානයක් ලෙස හැදින්වේ.

The post “වියත්මඟ” ඇරඹි ගෝඨාභයගේ 2020 ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම…(වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico