විමල්ගේ අභියෝගයෙන් සජිත් තුෂ්ණිම් භූත වෙයි..!

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ජනතාවට ලබා දුන් නිවාසවල තමන්ගේ ඥාතීන් කිසිවකු. හෝ වෙසෙන බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.තමාට බොරු චෝදනා නැගීම පසෙක තබා හැකිනම් මේ සියල්ල පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසද විමල් වීරවංශ මහතා වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.අද (09) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට වාචික පිළිතුරු ලබා දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හිටපු නිවාස අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාට ඉහත චෝදනා කළ අවස්ථාවේදී ඔහු රීති ප්‍රශ්නයක් නගමින් මෙසේ අභියෝග කර සිටියේය.

The post විමල්ගේ අභියෝගයෙන් සජිත් තුෂ්ණිම් භූත වෙයි..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico