විමල්ගේ දියණියගේ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ සුපිරි O/L සාදය ගැන හිටපු ලේකම් කතා කරයි.

විශිෂ්ඨ සාමාර්ථ 09 ලබා අති විශිෂ්ඨ ලෙස අපොස සාමාන්‍ය පෙළ සමත්වූ වීරවංශ මතතාගේ දියණිය වෙනුවෙන් පසුගිය 12දා කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ සාදයක් පැවැත්විණි. රුපියල් ලක්ෂ ගණනක් වැයකොට විමල් වීරවංශ විසින් මෙම සාදය පවත්වන මොහොතේ එම පක්ෂයේම ක්‍රියාධරයන් දෙදෙනෙකුගේද දරුවන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ 09 ( A- 09) ලබාගෙන ඇත. එවන් තත්වයක් තුල මෙවැනි සාදයක් පැවැත්වීම සම්බන්දයෙන් ජනිපෙ හිටපු ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා තම  facebook ගිණුම එස්සේ සටහනක් තබමින් එය ප්‍රශ්ණකර සිටී.

මේ එම  facebook සටහනයි…

2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මාගේ දියණිය පෙනී සිටින විට මා ජානිපෙන් ඉවත්වී තිබිණි.2017/11/21 දා මා ජා.නී.පෙ ප්‍රධාන ලේකම් දූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.මා දන්නා පරිදි ජානීපෙ මධ්‍යම කාරක සබාව නියෝජනය කළ සහෝදරයන් තිදෙනෙකුගේ දරුවන් තිදෙනෙක් ගියවර අ.පො.ස සාමාන්‍ය පෙළ විබාගයට පෙනී සිටියේය.ඒ විමල් වීරවංශ මහතාගේ දියණිය.පාර්ලිමේන්තු මන්ත්‍රී උදයසාන්ත ගුණසේකර මහතාගේ දියණිය හා ජානීපේ මාද්‍ය ලේකම් අනුරුද්ධ රණවාරන බණ්ඩාර සොයුරාගේ පුතනුවන්‍ය.ඊට අමතරව අ.පො ස සාමාන්‍ය පෙළ විබාගයට පෙනී සිටින විට ජානීපෙන් ඉවත්ව සිටි මගේ දියණියයි. දියණියන් තිදෙනාම හා පුතනුවන් සියලු විෂයන්ට විශිෂ්ඨ සාමාර්ථ ( A- 09) ගෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විබාගය විශිෂ්ඨ ලෙස සමත් විය.පළමුව දරුවන් සිව් දෙනාටම ඉත සිතින් සුබ පතමි.එසේම ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු සියල්ල ඉටු වේවායිද පතමි.

මාහට මෙම අදහස ලිවීමට සිතුනේ ඇතිවූ අතිසය කනගාටුදායක හැගීමක් නිසාය. මෙතරම් දේශපාලනික පරතරයක් හා ඇති නැති පරතරයක් ධනේශ්වර පක්ෂයකවත් ඇති දැයි සැක සිතෙන තරම්‍ය.අනුරුද්ධ රණවාරන බණ්ඩාර සහෝදරයාට අවස්ථා දෙකකදී පක්ෂයෙන් ඉවත් වන ලෙස වීරවංශ මහතා දන්වා තිබිණි.ඒ ඉතා සුලු වැරදි වලටය.එක් විටක ලංකාදීප පුවත්පතට යැවූ වීරවංශ මහතාගේ ජායා රූපය කැත එකක් යැයි කියාය.එදින ඔහු ගෙදර යෑමට සූදානම්වී මාහට කතා කළේය. නමුත් මා මැදිහත්වී එම ඉවත් කිරීම් නතර කළෙමි.සතියේ සෑම සෙනසුරාදා සිය නිවස බලා මහනුවර යන බණ්ඩාර සහෝදරයා නිවසේ ගත කරන්නේ සතියකට එක් දිනයකි.මසකට දින හතරකි. වසරකට දින හතළිස් අටකි.මෙය වෙනස්වූ අවස්ථාද ඇත.නමුත් දින අඩු වුවා මිස වැඩි නොවුනි.සියල්ල කළේ බණ්ඩාර සහෝදරයාගේ බිරිදය. අඩුම ගානේ දර්මරාජයේ දෙමාපිය රැස්වීමකට හෝ ආදිසිස්‍ය හමුවකට ඔහු සහබාගී වූයේ ඉතා කලාතුරකිනි.දරුවන්ගේ පියා ලෙස බණ්ඩාර සහෝදරයා සියලු ප්‍රස්න මා සමග කතා කළේය.ඔහු මා ඉදිරියේ අවස්ථා ගනනාවක කදුල්‍ සලා ඇත.මොන ප්‍රස්න තිබුනත් ඔහු පක්ෂයේ මාද්‍ධය වගකීම මග හැරියේ නැත. එහෙත් ඒවායින් ලකුණු දාගත්තේ වෙනත් අයයි.බණ්ඩාර සහෝදරයාගේ පුතු විශිෂ්ඨ සාමාර්ථ 09 ක් ලබා සමත්වූ බව ඇසූ හැම කෙනාම තුළ ඇතිවූයේ හද කම්පා කරවන සතුටකි.බොහෝ අය කීවේ තාත්තාගේ දහඩිය කවුලුවලට කොල්ලා නියම වටිනාකම දුන් බවයි.පුතේ නුඹ ගැන facebook පිටු,පත්තර පිටු සැරසුනේ නැත.එහෙත් නුඹ බණ්ඩාර සහෝදරයාගේ පුතා බව ඔප්පු කර පෙන්වුවේය.

විශිෂ්ඨ සාමාර්ථ 09 ලබා අති විශිෂ්ඨ ලෙස අ පො,ස සාමාන්‍ය පෙළ සමත්වූ වීරවංශ මතතාගේ දියණිය වෙනුවෙන් ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ සාදයක් පැවැත්විණි.සාමාන්‍යයෙන් ෂැන්ග්‍රිල්ලා යනු ලංකාවේ සුපිරිම සුපිරි හෝටලයකි.එහි එක් table එකක වියදම රුපියල් ලක්ෂ්‍යකට වැඩිය කාමරයක දිනක කුළිය රුපියල් හැට දහසට වැඩිය.සිය දියණියගේ දෂ්කම ගැන දෙමාපියන් ආඩම්බර විය යුතුය.ඒ ගැන කිසිදු විවාදයක් මට නැත. මටත් බණ්ඩාර සහෝදරයාටත් නොහැකි වුවත් ඇය වෙනුවෙන් ඔවුන් ප්‍රීති සාදයක් පැවැත්වීමද සාමාන්‍ය කරුනකි. නමුත් යන්තම් ජීවිතය ගැටගසා ගන්නා මුලු ජීවිතයම පක්ෂය වෙනුවෙන් කැප කළ බණ්ඩාරලාට තම නායකයා දෙන ආදර්ශය මෙයද?ඔහුගේ හැගීම් විවෘතව ප්‍රකාශ නොකළද හිත තුළ රිදුම් දෙන ඇත්ත හැහීම ඔබට තේරෙනවා ඇත.

තම දරුවාගේ විශිෂ්ඨ සාමාර්ථය වෙනුවෙන් අසරණ දැරුවන්ට පොත පත අරන් දෙන දෙමාපියන් සිටින රටක විප්ලවවාදී බාවිතාව මෙයද?මෙවර අප රටේ දරුවන් නවදහස් ගනනක් සියලු විෂයන්ට විශිෂ්ඨ සාමාර්ථ රැගෙන සමත්ව සිටී.එසේම ඔවැනි සාද තව කීපයක් වත් අප රටේ පවත් වන්නට ඇත. ඒවාට ගිය වියදම ගනනය කළහොත් සියලු විෂයන්ට විශිෂ්ඨ සාමාර්ථ ගත් දුප්පත් දරුවන් කීදෙනෙකුට නම් උසස් පෙළ හදාරන සමස්ථ කාළය පුරාවටම වියදම් කළ හැකිද?ජාතියේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින දේශප්‍රේමීන්ගේ බාවිතය මෙය නම් ඔවුන් දේශප්‍රේමීන්ද?මෙම උදාහරණය ගැනීමට සිදුවීම ගැන මා හදවතින්ම කනගාටු වෙමි. නමුත් දේශප්‍රේමී යැයි කියා ගන්නා අයගේ නියම ස්වරූපය පෙන්වීමට සුදුසුම උදාහරණය මෙය වේ.

ජානීපෙ සහෝදරවරුන් අන්ත දුක් විදිද්දී ජානිපෙ මන්ත්‍රීවරුන් තිදෙනා (නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ජානීපෙ මන්ත්‍රීවරයෙකු සේ මා සළකන්නේ නැත.ඒ වීරවංශ මහතාගේම විග්‍රහයට අනුවය.නමුත් ඔහු ගුණ යහපත් පුද්ගලයෙකි) විදින සුකෝපබෝගී ජීවිතය ඔවුන් පෙනී සිටින ජාතික ව්‍යාපාරයට කෙතරම් ගැලපේ දැයි ඔබම සිතා බලන්න.එසේම මෙම උදාහරණ ගැනීම ගැන මා වීරවංශ මහතාගේ දියණියගෙන් සමාව අයදින අතර ඇයට සුබ අනාගතයක් පතමි.මෙම අනාවරණයෙන් යම් හොදක් රටට ජාතියට හෝ ජානීපෙට සිදුවේ නම් එහි ගෞරවය ඇයට හිමිවිය යුතුයි.

 

The post විමල්ගේ දියණියගේ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ සුපිරි O/L සාදය ගැන හිටපු ලේකම් කතා කරයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico