විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ ජවිපෙ යෝජනාවට මහින්දගේ සහාය..!

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත තරගැනීම සදහා කොන්දේසි සහිතව සහාය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ සදහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන වගන්තියක් අදාළ යෝජනාවට ඇතුලත් වන්නේ නම් ඊට සහාය ලබා දෙන බවට හිටපු ජනාධිපති වරයා විසින් දැනුම් දුන් බවයි.

බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ විශ්වාසභංගයෙන් පසුව ආණ්ඩුව සතුව පැවති 3/2ක බලය ගිලිහී ඇති බැවින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් විපක්ෂයට නියත වශයෙන්ම ජයගතහැකි බවයි.

The post විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ ජවිපෙ යෝජනාවට මහින්දගේ සහාය..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico