විදේශිකයන් පිරිසකට පහරදුන් හතරක් අත්අඩංගුවට

මිරිස්ස වෙරළ තීරයේදී විදෙස් සංචාරකයින් පිරිසකට පහරදුන් පුද්ගලයින් 04 දෙනෙකු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 08 වනදා අලුයම වෙරළ සාදයක් අතරතුර මෙම ගැටුම ඇතිව තිබෙන අතර පසුව මෙම විදේශිකයින් එම ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකු පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර එහිදී සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබේ.

මිරිස්ස ප්‍රදේශයේම පදිංචි මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

The post විදේශිකයන් පිරිසකට පහරදුන් හතරක් අත්අඩංගුවට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico