විදුහල්පතිනිය දණගැස්සු චාමර සම්පත්ට එරෙහි පෙත්සම ලබන 25 වනදා විවෘත අධිකරණයේ කැඳවයි.

තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ එය සලකා බැලීම ලබන 25වනදා සිදුකරන බව දින නියම කළේය. එහිදී අධිකරණය සඳහන් කළේ එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 25 වනදා විවෘත අධිකරණයේ කැඳවන  බවයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන හෙයින් ඔවුන් වෙනුවෙන් අද දින පෞද්ගලික නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පෙත්සම්කාර විදුහල්පතිනිය අධිකරණය හමුවේ කියා සිටියේ, සිය ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තමන්ව කැඳවා දණගස්වා අමානුශික ආකාරයෙන් බැණ වැදුණු බවයි.

ඒ තුළින් ප්‍රධාන අමාත්‍යවරයා සිය මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද එම විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

The post විදුහල්පතිනිය දණගැස්සු චාමර සම්පත්ට එරෙහි පෙත්සම ලබන 25 වනදා විවෘත අධිකරණයේ කැඳවයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico