විජයකලාගේ ප්‍රකාශය සිංහලෙන් ඉල්ලයි…!

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉකුත්දා කළ මතභේදාත්මක ප‍්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශනවල. අන්තර්ගතය දෙමළ සහ සිංහල භාෂාවලින් ලිඛිතව ලබාදෙන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙත අද (13) නියෝග කළා.මෙම ප‍්‍රකාශය ඇතුළත් විඩියෝ දර්ශන පුද්ගලික රූපවාහිනි නාලිකා 2 ක් විසින් පරීක්‍ෂණ සදහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කරයි.විජයකලා මහේෂ්වරන්ගේ මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ පිළිබද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ කරුණු වාර්තා කිරීමක් අනුවයි අධිකරණය ඉහත නියෝගය සිදුකළේය.

The post විජයකලාගේ ප්‍රකාශය සිංහලෙන් ඉල්ලයි…! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico