විජයකලාගේ ‘කොටි ප්‍රකාශය’ සිංහලයට පරිවර්තනය කරන්නැයි අධිකරණ නියෝගයක්.

කොටි සංවිධානය යළි අවශ්‍ය බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්  මහත්මිය සිදුකළ ප්‍රකාශය සිංහල භාෂාවට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත ඊයේ(13) නියෝග කළා.
ඒ අදාළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

නීතිපතිවරයා විසින් ලබාදුන් නිර්දේශයක් අනුවයි මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ.

The post විජයකලාගේ ‘කොටි ප්‍රකාශය’ සිංහලයට පරිවර්තනය කරන්නැයි අධිකරණ නියෝගයක්. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico