වැලි කැණීම හේතුවෙන් සිදුවන පරිසර හානිය ගණනය කරන මිණුම් දණ්ඩ කුමක්ද ? – ධීවර සංවිධාන එකමුතුව

වැලි කැණීම හේතුවෙන් සිදුවන පරිසර හානිය ගණනය කරන මිණුම් දණ්ඩ කුමක්ද ? - ධීවර සංවිධාන එකමුතුව

වැලි කැණීම හේතුවෙන් මුහුදු පතුලට බරපතල හානියක් සිදුවන බවත් එහෙත් එය නොතකා පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කළේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවයි ධීවර සංවිධාන පෙන්වා දෙන්නේ. ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ධීවර සමිති නියෝජිතයන් මෙම කරුණු අනාවරණය කළේය.

පරිසර ඇගයීම් වාර්තාව පිළියෙල කර ඇත්තේ මේ වනවිට ඉදිවෙමින් පවතින වරාය නගරය සඳහා අවශ්‍ය වැලි ලබාගැනීමට බවත් එහෙත් එය දඩමීමා කරගනිමින් බස්නාහිර පළාතම ආවරණය කරමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙගා පොලිස් ව්‍යාපෘතිය සඳහා වැලි ලබාගැනීමට චම්පික රණවක ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවත් ධීවර සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙයි. වැලි කැණීම හේතුවෙන් කලාපයේ මුහුදු පතුල සම්පූර්ණයෙන් විකෘති වන බවත් එහි ශාක පද්ධතියට හා මත්ස්‍ය සම්පතට සිදුවන හානිය ගණනය කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම මාධ්‍ය හමුව සඳහා පරිසරවේදීහු පිරිසක් ද එක්ව සිටියහ.

සංජීව මලවිආරච්චි

Powered by WPeMatico