වැදි රැහේ ඉතිහාසය වෙනස් කළ හේනානිගල කැකුළිය දියවන්නාව තරණයටත් සූදානම්

ශ්‍රී  ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක්  පසුගිය දා පැවැත්  වු  පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජය ලැබුවාය.

ඩබ්. එම් ශිරෝමාලා  නම් අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තම වැදි ජනතාව වෙනුවෙන් තම සංස්කෘතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන බවයි. තමන් පළාත්සභා  මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව තවදුරටත් පැවසුවාය.

The post වැදි රැහේ ඉතිහාසය වෙනස් කළ හේනානිගල කැකුළිය දියවන්නාව තරණයටත් සූදානම් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico