වැඩ බැරි ශ්‍රීලංකන් ප්‍රධානීන් සේවක පළිගැනීම් අරඹයි! #SriLanka #LKA

වැඩ බැරි ශ්‍රීලංකන් ප්‍රධානීන් සේවක පළිගැනීම් අරඹයි!

තවද මැතිවරණය අතරතුර පළිගැනීම් හේතුවෙන් සිදුකරන ලද සේවක මාරුකිරීම් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබුණි.

නමුත් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගෝලයකු වන සියවසේ අසාර්ථක ඉංජිනේරු අංශ ප්‍රධානියා විසින් සේවක දඩයම ඡන්දයට පසුදා සිටම ආරම්භ කරන ලදුව ඇත්තේ එහි සේවකයින් කිහිපදෙනකුට වහාම ස්ථාන මාරුවීම් ලබාදෙමිනි.

තවද වසර 30ක අඛණ්ඩ සේවයක් සිදුකරන ලද එහි කීර්තිමත් ප්‍රධාන ඉංජිනේරුවකු වන රෙහාන් ප්‍රනාන්දු මහතා සේවය හැරදා යන තත්ත්වයට කටයුතු කිරීම හේතුවෙන් ඔහු ඊයේ දිනයේ දී ශ්‍රීලංකන් ආයතනයට ආයුබෝවන් කීය.

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් නිර්දේශ කරනු ලදුව මිලට ගත් නවීන එයාර්බස් 320neo මාදිලියේ ගුවන්යානා සියල්ල (4R-ANA, 4R-ANB, 4R-ANC, 4R-AND හා 4R-ANE) යාන්ත්‍රික දෝෂ හේතුවෙන් ගුවන්ගමන්වලට දායක නොවේ. ඉන් යානා 02ක එන්ජින් නැවත මාරු කොට ඇත්තේ එකක් ඇමරිකානු ඩොලර් 275,000ක් බැගිනි. මෙම යානාවල පවතින දෝෂ හේතුවෙන් සෑම ගුවන් පැය 650කටම වරක් ඇමරිකානු ඩොලර් 15,000 ක් වියදම් දරමින් එන්ජින්වල හෝස් මාරු කිරීමටද සිදුව ඇත.

මේවා ලබාගැනීමේදී නිසි වගකීම් ලබාගෙන තිබුණද එහි ප්‍රධානියා විසින් අත්තනෝමතික ලෙස නැවත අලුතින් මුදල් ගෙවමින් නඩත්තු කටයුතු කරන්නේ මන්දැයි සේවකයෝ ප්‍රශ්න කරති.

යහපාලන රජය පත්වූයේ මෙවැනි මුදල් නාස්තීන් නවතා මහජනයාට යහපත් සේවයක් සැලසීමටයි. විශේෂයෙන් ශ්‍රීලංකන් වැනි රටේ මුදල් කාබාසිනියා කරමින් සිටින ආයතනයක ප්‍රධානීන් මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සිදුවන වැරදි පෙන්වා දුන් විට එම සේවකයින්ට මාරුවීම් ලබා දීම හිසරදයට කොට්ට මාරු කිරීමක් බවත් එහි සේවකයෝ පවසති.

 





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico