“වැඩි වුණු වාහන බද්දට සහනයක්” – අගමැති පාර්ලි‌‌මේන්තුවේදී හෙළි කරයි

2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC)විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මෙම බදු සංශෝධනය සමඟ 2018 අගෝස්තු මස පලවෙනි දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා 2019 ජනවාරි 31 දක්වා වාහන නිෂ්කාශනය කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. මෙම සහනය ලබාදී ඇත්තේ දැනටමත් ණයවර ලිපි විවෘත කර ඇති පාරිභෝගියන් හට අසාධාරණයක් සිදු නොවීමටයි. ඉදිරි කාලයේ දී අවශ්‍ය පරිදි අදාළ බදු අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා.”





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico