වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට

නියම කළ මිලට වඩා වැඩි මිලට මැනිං වෙළඳ පොළේ එළවළු විකුණූ වෙළඳුන් හතර දෙනෙකු පාරිභෝගික අධිකාරිය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වෙළඳුන් රුපියල් 150 කට මිල නියම කර තිබෙන් කැරට් කිලෝව රුපියල් 450 කටත් , රුපියල් 150 ක් වල මාළු මිරිස් කිලෝව රුපියල් 375 කටත් රුපියල් 100 ක් වන තක්කාලි කිලෝව රුපියල් 250 කටත් අලෙවි කර ඇතැයි අධිකාරිය පවසයි.

මෙම වෙළඳුන් සිව් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිසියට භාරදුන් බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය

The post වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico