”වැඩිය ගැහුවේ නෑ. ජල ප්‍රහාර විතරයි. මම හිටියා නම් ගහන්න දෙන්නෑ..!” ජනපති කියයි.

ඊයේ දිනයේදී විශ්‍රාමික රණවිරුවන්ගේ උද්ගොෂණයට පොලිසිය විසින් පහර දීම තමා අනුමත නොකරන බවත් තමා සිටියා නම් ගහන්නට ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවසුවේය.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රණ විරුවන්ගේ ඉල්ලීම් දෙන්නට පොරොන්දු වී තිබියදීත් මෙසේ උද්ගෝෂණය කිරීම සැක සහිත බවත්, එම උද්ගෝෂණයට දැඩි පහරදීමක් සිදුවී නැති බවත්, තත්වය පාලනය කරගන්නට ජල ප්‍රහාර පමණක් එල්ල කර ඇති බවත්ය. තමා සිටියා නම් එසේ පහර දෙන්නට ඉඩ නොදෙන බවද, ආබාධිත විරුවන්ට ජනාධිපති මන්දිරයට පැමිණ ඕනා දෙයක් කරගන්නට ඉඩ දෙන බවද ජනපති වරයා පැවසුවේය.
කෙසේ වුවද ඊයේ දිනයේදී පොලිසිය විසින ආබාධිත විරුවන්ට දැඩිව පහර දුන් දර්ශන මේ වන විටත් අන්තර්ජාලයට එක්ව ඇති අතර, පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු මේ වන විටත් බරපතල තුවාල සහිතව රෝහල් ගත කොට ඇත.

The post ”වැඩිය ගැහුවේ නෑ. ජල ප්‍රහාර විතරයි. මම හිටියා නම් ගහන්න දෙන්නෑ..!” ජනපති කියයි. appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: muditha
#SriLanka #News #lka

Powered by WPeMatico