වාසු පොහොට්ටුවේ නෑ – අලුත් සන්ධානයක් හදයි

වාසු පොහොට්ටුවේ නෑ - අලුත් සන්ධානයක් හදයි

තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට මහින්ද මහතා ප්‍රමුඛ ඒ පක්ෂයේ හිටපු අය හදා ගත්තු පක්ෂයක්. ඒකෙ අපි නෑ. දැන් අපිට ඕනේ කෙලින්ම සන්ධානයක්. අපි නමකුත් හිතලා තිබුනේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ කියලා. ඒක දැන් ලියාපදිංචි කරන්න ඕනේ මැතිවරණ කොමසාරිස් ගාව. ඒ නිසා දැන් තියෙන විදියට යන්න ගියොත් අපි යන්නේ ෆුඩ්බෝඩ් එකේ. අපිට ෆුඩ් බෝඩ් එකේ යන්න බැහැ. අපිට ඕනේ මේක ඇතුලේ යන්න. අපිට වැඩපිළිවෙලක් ඕනේ. මොනවද අපි කරන්න යන්නේ ආණ්ඩු බලයක් අරගෙන. ඒවා කරන ක්‍රම වේදයන් මොනවද? ඒවාට බාධාක මොනවද? ඒවා ජය ගන්නේ කොහොමද? මේවා ඇතුලත්වන වැඩපිළිවෙලක් අපිට වුවමනායි. ඒකත් ප්‍රමාද වෙමින් තිබේ. ධීවරයෝ වර්ජනය කළා දින 3ක්. ඉල්ලීම පෙර තිබූ මිලටම දෙන්න. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අපි මේ උද්ඝෝෂණය භූමිතෙල් ගැන පමණක් නොව මේ ජිවන වියදම් බර ගැන පමණක් නෙවෙයි, රටේ වැඩි වෙච්ච ඩීසල් මිල බලපාන ආකාරය පිළිබඳවත්, ජනයාගේ ජන ජිවිතයට ඇති කරන පීඩනය මේ සියල්ලක්ම මුල් කර ගත් අපේ උද්ඝෝෂණය අපි ප්‍රමාද කරමින් තිබීම අපිට එක්තරා විදියකට ධීවරයෝ පෙන්නලා දීලා තියෙනවා ඕගොල්ලෝ බල බලා ඉන්න අපි අපේ උද්ගෝෂණය කරනවා. මේක ඉතාමත්ම නරක තත්ත්වයක්. අනික මේ වැඩපිළිවෙලක් හදන්න යනකොට මතවාදයකුත් එනවා.”





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico