වව්නියාව නගර සභාවේ බල පෙරළියක් #SriLanka #LKA

වව්නියාව නගර සභාවේ බල පෙරළියක්

වව්නියාව නගර සභා පළමු සැසි වාරය අද (16) දින ආරම්භ වූ අවස්ථාවේදී නගර සභවේ සභාපති වශයෙන් දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ රාසලිංගම් ගෞතම් මහතාට ඡන්ද 11 ක් ලැබුණු අතර දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කළ එන් සේනාධිරාජා මහතාට ඡන්ද ලැබී තිබුනේ 9ක් පමණී. මේ අනුව දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ඊ.පී.ඩී.පී පක්ෂය ඒකාබද්ධව රාසලිංගම් ගෞතම් මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර එන්.සේනාධිරාජා මහතාට සහය ලැබී තිබුනේ දෙමළ ජාතික සන්ධානයෙන් පමණී.

සෑම වසරකම වව්නියාව නගර සභාවේ බලය හිමි වූවේ දෙමළ ජාතික සන්ධානයට වන අතර මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී  දෙමළ ජාතක සන්ධානයෙන් පක්ෂ කිහිපයක් ඉවත්ව සාදා ගත් නව සන්ධානයක් වූ දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයට මෙවර වව්නියාව නගර සභාවේ බලය හිමිකර දීමට තවත් පක්ෂ කිහිපයක් එක්ව සහය ලබා දී තිබුණි.

උතුරු පළාත් පාලන කොමසාරිස් පැට්රික් ඩිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු නගර සභා සැසිවාරය පැවති අතර එම අවස්ථාවට දෙමළ ජාතික
සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා, දෙමළ ජාතික විමුක්ති කාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවසක්ති ආනන්දන් මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.මස්තාන යන අය සහභාගී වී සිටි අතර වව්නියාව නගර සභාවේ සභාපතී වශයෙන් රාසලිංගම් ගෞතම් මහතා පත් වූ අවස්ථවේදී දේශපාලන පක්ෂ කිහිපයක් සාමාජිකයන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.

රොමේෂ් මධුෂංඛ – වන්නි





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico