වර්ජනය නිසා ඇණහිට තිබූ දුම්රිය යළි ධාවනයට

වර්ජනය නිසා ඇණහිට තිබූ දුම්රිය යළි ධාවනයට

දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කර තිබූ වර්ජනය හේතුවෙන් ඇණහිට තිබූ දුම්රිය ධාවන කටයුතු අද (13) පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා සදහන් කළේ වර්ජනය අවසන් වුවද දුම්රිය ධාවන කටයුතු නිසි පරිදි සිදු නොවන බවයි.

මේ හේතුවෙන් ඊයේ (12) රාත්‍රී තැපැල් දුම්රියන් ද ධාවනය නොවූ බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අද පස්වරුව වන විට සියලු කාර්යාල දුම්රියන් සහ රාත්‍රී තැපැල් දුම්රියන් ධාවන කෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියමකවරුන් විසින් ආරම්භ කර තිබූ වර්ජනය ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඊයේ පස්වරුවේ නිම කෙරුණි.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico