වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

දකුණේ ධීවරයන්ට වඩමාරච්චි මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල යෙදීම උතුරේ ධීවර සංවිධාන විසින් තහනම් කර ඇත.

වඩමාරච්චි ධීවරයන් පන්නැයි ධීවර කාර්යාලය ඉදිරිපිට වාඩිවෙමින් ආරම්භ කර ඇති විරෝධතාව නිසා එම ධීවර කාර්යාලයේ කටයුතු ඇනහිට තිබේ. මේ අවස්‌ථාවේ යාපනයේ සහකාර ධීවර අධ්‍යක්‍ෂවරයාද විරෝධතාකරුවන් හමුවට පැමිණ නීතිය උල්ලංඝනය කරමින් වඩමාරච්චි වෙරළ ප්‍රදේශයට එන බෝට්‌ටු අත්අඩංගුවට ගන්නා බව පවසා ඇත.

මෙම විරෝධතාව යාපනය නගරාධිපති ආනෝල්ඩ්, ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ මාවෙයි සේනාධිරාජා, එම්. කේ. සුමන්තිරන්, හිටපු මන්ත්‍රී ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු රැසක්‌ සහභාගි වී තිබේ.

දිවයින

The post වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico