ලෝක කුසලානය ගැන ඩිවිලියර්ස්ගෙන් ප්‍රබල අනාවැකියක්

තවත් මාස දෙකකින් පමණ එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ හිමිකර ගැනීමට ආසන්නතම කණ්ඩායම් පිළිබඳව දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රීඩකයකු වන ඒබී ඩි විලියර්ස් අනාවැකි පළ කර තිබේ.  “දකුණු අප්‍රිකානු කණ්ඩායම හැම ලෝක කුසලාන තරගාවලියකටම සහභාගි වුණේ තරග දිනන කණ්ඩායමක් ලෙස වුණත් ඒ හැම අවස්ථාවකදීම අනෙක් අයගේ ප්‍රියතම කණ්ඩායමක් වුණේ නැහැ. කොහොම වුණත් ඉන්දියාව හා එංගලන්තය තමයි මෙවර ලෝක කුසලාන තරගාවලියට තරග වදින ශක්තිමත් කණ්ඩායම් දෙක. ඒ වගේම ඕස්ට්‍රේලියාව කියන්නෙත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ආසන්න වන බොහෝ අවස්ථාවල නැඟී සිටින කණ්ඩායමක්. ඒක නිසයි ඔවුන් ලෝක කුසලාන 5ක් දිනලා තියෙන්නේ. එයට අමතරව පාකිස්තානයත් 2017 වසරේදී එංගලන්තයේ තිබුණු ශූරයන්ගේ කුසලානය ඩැහැගත්ත කණ්ඩායමක්. ඒක නිසා මට හිතෙන හැටියට මම ඔය කියන කණ්ඩායම් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පැහැදිලි යමක් කරාවි” යනුවෙන් පැවැසූ ඩි විලියර්ස් ලොව හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි නම් කළේය. 

The post ලෝක කුසලානය ගැන ඩිවිලියර්ස්ගෙන් ප්‍රබල අනාවැකියක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico