”ලොකු… බලවේගයකින් එජාපය වෙනස් වෙන්න ඕන ..”-‘කටා’ කට අරියි

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනමතය කුමක් දැයි කියා හෙලි වූ බවත්,එක්සත් ජාතික පක්ෂය හා යහපාලන අණ්ඩුව තුළ විශාල වෙනසක් සිදුවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.
මෙම වෙනස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ගම් මට්ටමේ බිම් මට්ටමේ සිටින අවසන් පාක්ෂිකයා දක්වා නිර්මාණය වී ඇති බලවේගයක් බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරන අවසන් තීන්දු වලට එළඹීමට රනිල් වික්‍රමසිංහ මහතා දින කිහිපයක් ඉල්ලා සිටි බවත් අගමැතිවරයාට එම තීරණ ගැනීමට ඉඩදුන් බවත් මෙහිදී සඳහන් කළේය.
අගමැති ධුරයට හා එ.ජා.ප. නායකත්වය සම්බන්ධයෙන් විවිධ නම් යෝජනා වෙලා තියෙනවා. එම යෝජනා සම්බන්ධව යම්කිසි විවිරණයක් පවතිනවා. ඒ සියලු දේවල් එක්ක සුදුසුම දේ අනාගතයේදී මේ රජය තුළින් හා පක්ෂය තුළින් සිදුවෙයි. එහෙම පරිවර්තනයක් වුණේ නැත්නම් ඒකත් අපි අභියෝගයකට ලක් කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

The post ”ලොකු… බලවේගයකින් එජාපය වෙනස් වෙන්න ඕන ..”-‘කටා’ කට අරියි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico