ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

චීනයේ වූහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන ඒම සඳහා අද සවස දිවයිනෙන් පිටත් වූ ගුවන් යානය මේ වනවිට වූහාන්හි ටියැංහි ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇත.

කොරෝනා වෛරසය ප්‍රථමයෙන් ව්‍යාප්ත වූ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද පස්වරුවේ වූහාන් බලා පිටත්ව ගියේය.

අද පස්වරු 3.55ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 1422 ගුවන් යානය මෙලෙස වූහාන් බලා පිටත්ව ගියේය.

The post ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: Ishan Prabodha
#SriLanka #News #lka

Powered by WPeMatico