ලහිරු සම්බන්ධ පුවත් ගලවා දමන්නැයි වීරවංශගේ මැරයින්ගෙන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන! #SriLanka #LKA

ලහිරු සම්බන්ධ පුවත් ගලවා දමන්නැයි වීරවංශගේ මැරයින්ගෙන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන!

ඊයේ (30) දහවල් විමල් වීරවංශගේ මැරයින් විසින් විවිධ පුද්ගල නාමවලින් අමතා ඉතා පහත් වචනවලින් බැණ වැදී එම කතෘවරයාට තර්ජනය කොට ඇත. ඝාතනයට ලක්කල ලහිරු නම් තරුණයාගේ සියලුම ප්‍රවෘත්ති ගලවා දමන්නැයි විමල්ගේ සහචරයින් විසින් පවසා තිබේ.

ප්‍රවෘත්තියක් ලබාදීමට පැමිණෙන ලෙස වෙබ් කතුවරයාට විමලේගේ මැරයන් ඇරයුම් කර ඇත. නමුත් ඒ පිළිබඳව සැකයක් ඇති බැවින් ඒ මහතා එයට අවනත වී නොමැත.

ඉන්පසුව ඉතා පහත් වචනවලින් බැන වැදී මරණ තර්ජනය කර ඇති විමල්ගේ මැරයින් අවසානයේ,

“ගෙදර උන්ට නැති අමාරුව මාධ්‍ය කාරයොන්ට කොහෙද ?උඹ ගන්නව දැන් අපි ගේමට බැහැල ඉන්නෙ පරිස්සමෙන් හිටපන් ” යනුවෙන් තර්ජනය කොට ඇත.

කෙසේ වෙතත් මේ වන විට විමල් සහ සහචරයින් මේ වන විට එම තරුණයාගේ මව සහ පවුලේ අයවලුන් බියගන්වා ගෙන යටත් කරගෙන සිටින බව අනාවරණය වේ.

ඊට ප්‍රධානතම කරුණක් වී ඇත්තේ මෙම ඝාතනයට ලක්වූ තරුණයා සහ එම තරුණයාගේ පවුලේ අයවලුන්ගේ ජීවිතය ගැටගසා ගැනීම වෙනුවෙන් ඇඳුම් මැසීම කරගෙන යන්නේ විමල්ගේ බිරිඳ, ශෂී වීරවංශගේ ආධාර උපකාරයෙන් වීමයි.

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico