ලලිත් හා අනුෂගේ සිල් රෙදි නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයට දින දෙයි

සිල් රෙදි නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් ඉදිරිපත් කළ අභියාචනා නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) තීරණය කළහ. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු මෙම දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා දඩ නියම කළේය.

එ අනුව මෙම අභියාචනාවලට අදාල ලිඛිත දේශන සැප්තැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කරන ලෙස එහිදී අධිකරණය පාර්ශවකරුවන්ට නියම කළේය.

එම දඬ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙන අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් අදාළ පෙත්සම් මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

The post ලලිත් හා අනුෂගේ සිල් රෙදි නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයට දින දෙයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico