ලක්ෂ්මන් වසන්ත රිවස් ගහයි, හිඟුරාන ආයෙත් ලැබිලා #SriLanka #LKA

ලක්ෂ්මන් වසන්ත රිවස් ගහයි, හිඟුරාන ආයෙත් ලැබිලා
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් ආසන සංවිධායක ධුරයක් සහ මන්ත්‍රීධුර අපේක්ෂකත්වය මුලින් ම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. නීතීඥයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු වන ඒ මහතාට, හිඟුරාන ඩිස්ටිලරීස් සමාගම අත්පත් කරගැනීමේ හැකියාව ලැබුණේ ද මහින්ද රාජපක්ෂ පාලන සමයේ දීය. දේශපාලන ආගමනයේ පටන් ම ඔහු තමන් ව හඳුන්වා ගත්තේ ද ‘මහින්දගේ මිනිහෙකු’ ලෙසය. 
 
නොයෙකුත් දූෂණ ක්‍රියා සමඟ නම ඈඳුනු ‘හිඟුරාන ඩිස්ටිලරීස්’ ආයතනයට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2015 වසරේ ජුලි මාසයේ දී සීල් තැබුණේ, රුපියල් ලක්ෂ 270ක බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාව යටතේය. මහින්ද රාජපක්ෂ යුගයේ ගජරාමෙට ක්‍රියාත්මක වූ ‘එතනෝල් ජාවාරම’ සමඟ ද ලක්ෂ්මන් වසන්ත පෙරේරා නම සම්බන්ධ වී තිබිණි. කෙසේ නමුත් මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව ‘හිඟුරාන ඩිස්ටිලරීස්’ සමාගම සම්බන්ධයෙන් වූ නීතිමය ගැටළු මේවන විට විසඳී ඇතැයි වාර්තා වේ. 
 
මහින්ද රාජපක්ෂ පාර්ශ්වය හා සම්බන්ධ වීමට තමන් ගත් තීරණය වෙනස් කරමින් ලක්ෂ්මන් වසන්ත පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා තම හිතවතුන් සමඟ පවසා ඇත්තේ “මං යන්න තමයි හිටියේ, ඒත් ලොක්කා මගේ වැඩේ කරලා දුන්නානේ. ආයෙ මං යන්නෙ මොකටද ? අනික, ඒ කාලෙ වගේ දැන් දිගට හරහට සල්ලි දෙන්න ඕනෙත් නෑනෙ. රාජපක්ෂලාගෙ කාලේ මේවා ගත්තා වගේ නෙවෙයි, සල්ලි දීලා කෙළවරක් තිබුණෙත් නෑ. දැන් ඒ හැම එකෙන් ම මං නිදහස් නෙ, මට මේ ඉන්න විදිය හොඳයි” යනුවෙනි. 

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico