ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවාහැරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා ‍අයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙයි. මේ අතර ලංකා බැංකුව හා මහජන බැංකුවේ ද අධ්‍යක්ෂ මණ්ඩලයන්ට මෙලෙස ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව එම ආයතනවල අක‍්‍රමිකතා පිළිබදව වෙන වෙනම පරීක්ෂණ ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.

The post ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවාහැරේ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico