“ලංකාවේ මීළඟ ජනාධිපති මමයි… මම දුටු ගැමුණු රජතුමා උපන් ගමේ මන්ත්‍රී..” – මර්වින්

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය.
වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අද (23)දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි.මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් වීර දුටුගැමුණු සංවිධානයේ නායක මර්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.
‘‘ඩි.එස්.සේනානායක මහතාගේ පක්ෂයෙන් ඉවත් වෙන කොට බණ්ඩාරනායක මහතා මුලින්ම පක්ෂයක් හදන්න හිතුවද.නැහැනේ. ඒ වාගේ තමයි මමත්. මේ රට හදපු වීර දුටුගැමුණු රජතුමාගේ නමින් තමයි මමත් මේ පක්ෂය හැදුවේ.
මේ මහ බැංකු වංචාවට හිටපු කට්ටියයි මේ ගොල්ලයි දෙගොල්ලම සම්බන්ධයි.දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.මහ බැංකු වංචාව මොනවද.
දැන් වාහන ගොඩාක් ගෙන්නලා රුපියල් බිලියන ගානක් විනාශ කරලා තියෙන්නේ.වාහන 1675 ක් ගෙන්නලා මුදල් වංචාවක් වෙලා තියෙන්නේ.මේ සිද්ධියට එක්තරා ඇමතිවරයෙකුත් සම්බන්ධයි.මහ බැංකුවේ මුදල් වංචාවටත් වැඩියි මේ ගාන.
මම දුටු ගැමුණු රජතුමා උපන් ගමේ මන්ත්‍රී.උතුරු මැද පළාතේ මේ වැව් ටිකයි දාගැබ් ටිකයි විනාශ වුනොත් මම දුටුගැමුණු මහ රජතුමාගේ ගමේ උපන් මිනිහෙක් විදියට ලැජ්ජාවක්.අන්න ඒ ලැජ්ජාවෙන් මිදෙන්නත් උතුරු මැද පළාතේ ජනතාවට සේවයක් කරන්නත් මම උතුරු මැද පළාත තෝරා ගත්තා.ඉදිරියේදී මහ ඇමතිකමට තරග කරන්නත් ඉදිරිපත් වෙනවා.
ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජනාධිපති ධූර සඳහාත් තරග කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ධුරයට පත්වෙලා ලොකු වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වෙනස පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බව මර්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය.

The post “ලංකාවේ මීළඟ ජනාධිපති මමයි… මම දුටු ගැමුණු රජතුමා උපන් ගමේ මන්ත්‍රී..” – මර්වින් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico