රුහුණු ගුවන් විදුලිය වේයෝ කයි – වේයන් මර්දනයට ලක්ෂ 11ක කෘමිනාශක #SriLanka #LKA

රුහුණු ගුවන් විදුලිය වේයෝ කයි - වේයන් මර්දනයට ලක්ෂ 11ක කෘමිනාශක

රුහුණු සේවයේ ප්‍රකාශකයකු පැවසුවේ ඊයේ (12) පෙරවරුවේ රුහුණු ගුවන් විදුලියේ මැදිරිවලට අධිසැර කෘමිනාශකයක් යෙදීම හේතුවෙන් එහි විකාශන කටයුතු නතර කර දැමූ බවයි. මැදිරිවලට වේයන්ගෙන් වන හානි හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් කෘමිනාශක සහිත දූමයක් මුදාහැරිය බවත් ඉන් අනතුරුව එම පරිශ්‍රයේ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූ බවත් හෙතෙම සඳහන් කළේය. රුහුණු සේවා මැදිරිවල විකාශන කටයුතු තාවකාලිකව අත්හිටුවීම පිළිබඳව අදහස් දැක්වූ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ රුපියල් ලක්ෂ එකොළහක කෘමිනාශක මැදිරි සංකීර්ණවලට යෙදීමට කටයුතු කර ඇති බවයි.

රුහුණු ගුවන් විදුලියේ විකාශන කටයුතු තාවකාලිකව නවතා දැමුවේ මන්දැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ නිමල් ප්‍රේමසිරි මහතාගෙන් ලංකා නිව්ස් වෙබ් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ කෘමිනාශක යෙදීම නිසා තාවකාලිකව එහි මැදිරිවල විකාශන කටයුතු නවතා දමා කොළඹ ස්වදේශීය සේවය සමග රුහුණු ගුවන් විදුලිය ඒකාබද්ධ කළ බවය. මෙය තාවකාලික පියවරක් බවත් මැස්සන් මදුරුවන් මකුණන් හේතුවෙන් කෘමිනාශක යෙදූ බවත් බොහෝ විට හෙට දිනයේ යළිත් විකාශන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

– දයා නෙත්තසිංහ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico