රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක…

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10ක් සඳහා නව තානාපතිවරු පත්කර ඇති අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත්කර තිබේ.

ආචාර්ය දයාන් ජයතිලක මහතා පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග වැඩසටහන හා එක්ව සිටි අයෙකු වන අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු මහින්ද පිල විසින් නුගේගොඩ පැවත්වූ පළමු රැලියේ මහින්ද රාජපක්ෂ මහතාගේ සුභ පැතුම් පණිවිඩය කියවනු ලැබුවේද දයාන් ජයතිලක මහතා විසිනි.

මේ අතර හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇති අතර ඊට අමතර මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය නෝර්වේ රාජ්‍ය සඳහාත්, එම්.එම්. ජෆීර් මහතා බ්‍රසීලය සඳහාත්, සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා පෝලන්තය සඳහාත්, එස්.එද් ගනේගමආරච්චි මහතා ස්වීඩනය සඳහාත්, එස්.එස්. ප්‍රේමවර්ධන මහත්මිය වියට්නාමය සඳහාත් ශ්‍රී ලංකා නව තානාපතිවර ලෙස පත් කර තිබේ.

එමෙන්ම එම්.ඒ.කේ ගිරිහාගම මහතා කැනඩාව සඳහාත්, අනුරුද්ධ කුමාර මල්ලිමාරච්චි මහතා දකුණු අප්‍රිකාව සඳහාත් නූර්දීන් මොහොමඩ් ෂහීඩ් මහතා පකිස්ථානය සඳහාත් නව මහකොමසාරිස්වරු ලෙස පත් කර ඇත.

The post රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico