රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දීමට ශ්‍රීලනිප තීන්දුවක් ගෙන නෑ – දුමින්ද

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක පවසයි. මන්ත‍්‍රී දුමින්ද දිසානායක මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන්නේ යැයි ද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පැවසූ අතර මෙහිදී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වගකීමෙන් යුතුව තීන්දුවක් ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

The post රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දීමට ශ්‍රීලනිප තීන්දුවක් ගෙන නෑ – දුමින්ද appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico