රිලවුන්ගෙන් වගා ආරක්ෂාවට ජනපතිගෙන් වායු රයිෆල්…

කුමන විවේචන පැමිණියද වන සතුන්ගෙන් ආහාර භෝග ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ මහනුවරදී පැවති මධ්‍යම පළාත් ග්‍රාම ශක්ති සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.

මෙරට ආහාර භෝග නිශ්පාදනවලින් 40%ක් විනාශ වන්නේ වන සතුන් නිසා බව පැවසූ ජනාධිපතිවරයා, වැඩිම හානියක් සිදුවන්නේ වදුරන්ගෙන් හා රිලවුන්ගෙන් බවද කියා සිටියේ ය.

ලංකාවේ රිලවුන් සහ වදුරන් ලක්ෂ 10කට වඩා සිටින බව ගණනය කර ඇති බවත්, එක රිලවකු දවසකට එක පොල් වල්ලක් විනාශ කළේ යැයි උපකල්පණය කළහොත් දවසකට පොල්වලු ලක්ෂ දහයක් විනාශ වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරේය.

පසුගිය රජය සමයේ රිලා උවදුර නැති කිරීම සදහා දිසා ලේකම්වරුන්ට ලක්ෂ 100 බැගින් ලබා දුන් බවත්, එහෙත් එය සාර්ථක නොවූ බවත්, වනජීවී ආඥාපනත අනුව කටයුතු කළහොත් තවත් වසර 50කටවත් මෙම ගැටළුව විසදිය නහෙැකි බවත් සදහන් කර සිටි ජනාධිපතිවරයා රිලා මර්ධනය සදහා වායු රයිෆල් ලබා දෙන බවද කියා සිටියේ ය.

රාජ්‍ය නොවන සංවිධාන, සත්ව සංවිධානවලින් මේ පිළිබදව විරෝධයක් එල්ල විය හැකි නමුත්, රටේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය ඊට වඩා වැදගත් බවද සිරිසේන මහතා කියා සිටියේ ය.

The post රිලවුන්ගෙන් වගා ආරක්ෂාවට ජනපතිගෙන් වායු රයිෆල්… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico