රියදුරුට දවසට පැය 23ක පඩි ගෙවලා… ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ වැඩ කොමිසමෙන් එළියට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ රියදුරන්ට ඔහු සභාපති ධූරය දැරූ සමයේ අසාමාන්‍ය ආකාරයේ අතිකාල ගෙවීම් සිදුකර ඇති බව  ශ්‍රී ලංකන් ගුවන් ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණවී තිඛෙනවා.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය මේ බව පිළිගත්තා.

ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ රියදුරන්ට අති විශාල අතිකාල ගෙවීම් සිදුකර ඇති බවත් බොහෝ මාසවලදී මාසික අතිකාල ගෙවීම පමණක්‌ රු. 50,000 ද ඉක්‌මවා ගොස්‌ ඇති බවත් එහිදී හෙළිව තිඛෙනවා.

2012 ජුනි මාසයේදී එක්‌ රියදුරකුට ගෙවා ඇති අතිකාල මුදල පමණක්‌ රු. 1,38,825 ක්‌ ලෙසයි කොමිසම හමුවේ අනාවරණ කර ඇත්තේ.

ගුවන් සමාගමේ අතිකාල ගෙවීමේ ක්‍රමවේදය අනුව ගණනය කළ විට එම රියදුරු එම මාසයේ සෑම දිනකම පැය 15.4 ක්‌ පමණ බැගින් අතිකාල සේවය කර තිබූ බවත් ඔහුගේ සාමාන්‍ය පැය අටේ රාජකාරි කාලයත් සමඟ ගණනය කළ විට එක්‌ දිනකට එම රියදුරු වැඩකර ඇති පැය ගණන පැය 23.4 ක්‌ වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය පිළිගෙන තිඛෙනවා.

මේ අනුව 2012 ජුනි මාසයේ අදාළ රියදුරා නින්දකින්ද තොරව සෑම දිනකම අඛණ්‌ඩව රියදුරු රාජකාරියේ යෙදී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා කොමිසම හමුවේ කර තිඛෙනවා.

The post රියදුරුට දවසට පැය 23ක පඩි ගෙවලා… ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ වැඩ කොමිසමෙන් එළියට appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico