රාජිත යනු “ලපටි කුක්කෙක්” යයි උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කියයි

අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ උතුරේ ක්‍රියාත්මක වන “ආවා ගෘප්“ මැර කල්ලිය නිර්මාණය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි තමන් දැඩිව විශ්වාස කරන බවයි.
සමස්ථ හමුදාව “ආවා“ කල්ලිය සමග සම්බන්ධ බවට තමා ප්‍රකාශ නොකළ බවත්, එය නිර්මාණය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සමීපව සිටි හමුදා නිලධාරියෙකු බවත් ඔහු පවසයි.
මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පැවසුවේ “ආවා“ කල්ලියට හමුදාව සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
“ඇට්ටි වැටෙන කාලෙට ලපටි කුක්කන් පැන පැන බිරුවද මෝරපු බල්ලන් එසේ කලබල නොවන්නා සේ“ ඇතැම් පුද්ගලයන් දේශපාලන වාසි තකා කරන ප්‍රකාශ ගණන් නොගත යුතු බව එතුමා පවසයි.
උතුරු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන රාජිත ඇමතිවරයා පවසන්නේ තමා මෙවැනි දේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ ඊට අදාළ සියලු දේ පිළිබඳ හොදින් දැනුවත් වී බවයි. රෙජිනෝල්ඩ් කුරේ වැනි බොහෝ පිරිස් ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන බව ඔහු පවසයි.
මේ අතර යාපනයේ ක්‍රියාත්මක “ආවා“ කල්ලියට යුද හමුදාවේ හෝ දේශපාලනඥයිගේ සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ගම්පහ ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත.

The post රාජිත යනු “ලපටි කුක්කෙක්” යයි උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කියයි appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico